සමාජ මාධ්‍ය කළඹපු වයරල් වීඩියෝව නිසා ඇත්තටම වුණ දේ ගැන චාමර කට අරියි

Report

පසුගිය දින කිහිපයේදී චාමර රණවක සහ තවත් දෙදෙනෙකු හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය .

මේ නිසා ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව අනතුරුව ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවීමට අධිකරණය අද (18) නියෝග කර තිබේ

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

මේ පිළිබද උසාවිගොස් නැවත එන අතරතුර ඔහු සදහන් කළේ මෙවන්නකි

'' චූටි ප්‍රශ්නයක් වුණා මමයි මගෙ මල්ලියි චතුවයි ෆිල්ටී ගියා බයික් එකක හෙල්මට් නැතුව ඒක නිසා ප්‍රශ්නයක් වුණා නීතියට ගරු කරන්න එපැයි . අපි ගියෙ ප්‍රධාන පාරකත් නෙමේ . අපි පොඩි රැප් එකක් දැම්ම එකක් කළේ අපි දැන් උසාවියට ඉදිරිපත් වුණා ඔක්කොම ක්ලියර් කර ගත්තා

පානදුර උතුර ස්ථානාධිපතිතුමා , නඩුකාරතුමියව ආදරෙන් මතක් කරන්න ඕනෙ.

අපි වැරැද්දක් කළා . ඒ  වැරැද්ද අපෙන් වුණා අපි පිළිගන්නවා    .  ඒ වගේම කියන්න ඕනේ අපි ගියෙ ෆිල්ටී මල්ලිට විෂුවල් එකක් ගන්න ඕනේ නිසා අපි එහෙම ගියේ.ඒක ලොකු   වැරැද්දක්  ලංකාවේ . කිසි කෙනෙක් කළඹල වෙන්න වෙන්න එපා . හැමෝම හෙල්මට් දාන්න ආදරෙයි අහස තරම්   ''