"චැනල් අයි එක රාජපක්ෂලා එක්ක තරහයි.. " - ඇමති චාමරට චැනල් එක පැටලෙයි.. (VIDEO)
අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට “චැනල් ෆෝ” නාලිකාව සහ “චැනල් අයි” නාලිකාව පැටලී තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේ දී සිය අදහස් දක්වන මොහොතේ දී ය.
එහිදී අමාත්‍යවරයා දිගින් දිගටම “චැනල් ෆෝ” නාලිකාවට “චැනල් අයි” නාලිකාව ලෙස සඳහන් කරමින් සිය අදහස් දැක්වීය.
නමුත් පසුව “චැනල් අයි නෙවෙයි චැනල් 4. වැරදීමක් සමාවෙන්න.ඒක හැන්සාඩ් එකෙන් අයින් කරන්න” යනුවෙන් ද ඒ මහතා ඉල්ලා සිටියේ ය.
කෙසේවෙතත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එල් ටී ටී සංවිධානය කළ දෑ චැනල් ෆෝ නාලිකාව හරහා ශ්‍රී ලංකාවේ හමුදාව පිටින් යැවූ බවයි.
එම විඩියෝව පහතින් නරඹන්න,