සිමෙන්ති, තීන්ත, ටයර් ඇතුළු ආනයනික භාණ්ඩ 800ක සෙස් (CESS) බදු අඩු කිරීමට 2027 අයවැයෙන් යෝජනා - 2027 අප්‍රේල් 1 සිට බදු අනුපාත පහළට
2027 අයවැය යෝජනා යටතේ, 2027 අප්‍රේල් 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනික භාණ්ඩ කාණ්ඩ කිහිපයක් සඳහා අය කරනු ලබන සෙස් (CESS) බදු අඩු කිරීමට රජය යෝජනා කර තිබේ.
යෝජිත නව තීරුබදු කාලසටහන්වලට අනුව, මෙම බදු සංශෝධන මගින් අතරමැදි භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ කාණ්ඩ යටතේ පවතින තීරුබදු අයිතම 800ක් ආවරණය වේ. ඒ අනුව, පළමු කාණ්ඩයට දේශීය කර්මාන්ත කෙරෙහි බලපෑම් ඇති කළ හැකි සංවේදී භාණ්ඩ වර්ග 107ක් ඇතුළත් කර තිබේ.
එම භාණ්ඩ සඳහා දැනට ක්‍රියාත්මක සෙස් බදු අනුපාත 2027 අප්‍රේල් 1 වැනිදා සිට සියයට 25කින් අඩු කිරීමට යෝජනා කර ඇත. මෙම කාණ්ඩයට සිමෙන්ති, තීන්ත, ටයර්, ඇසුරුම් ද්‍රව්‍ය සහ වෙනත් කාර්මික නිෂ්පාදනවලට අදාළ භාණ්ඩ වර්ග කිහිපයක් ඇතුළත් වේ.
මීට අමතරව, තීරුබදු අයිතම 693ක් ඇතුළත් තවත් කාණ්ඩයක් සඳහා ද බදු සහන ලබාදීමට යෝජනා කර තිබේ. ඒ යටතේ දැනට පවතින ඇතැම් සෙස් බදු අනුපාත සියයට 50කින් අඩු කිරීමට නියමිතය.
මෙම බදු සංශෝධනවලට අමතරව, අදාළ භාණ්ඩ සඳහා පනවා ඇති සෙස් බද්ද ක්‍රමානුකූලව ඉවත් කිරීමේ අරමුණින් ඉදිරි වසර කිහිපය තුළ තවදුරටත් බදු අඩු කිරීම් සිදු කිරීමට ද රජය සැලසුම් කර ඇත. ඒ අනුව, බදු සංශෝධනවලට යටත් වන ආනයනික භාණ්ඩවල සම්පූර්ණ ලැයිස්තුව සහ යෝජිත නව සෙස් බදු අනුපාත පහතින් දැක්වේ.
ජනතාවට සහනයක් - හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල ලෙස පහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි
අද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත බසී- මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල අද ඩොලර් මිල ගණන් මෙන්න
CESS tax reductions announced for hundreds of imported goods from April 1 – Full List by kanchana
List-of-HS-693_261113_115349.pdf by kanchana