ජනතාවට සහනයක් - හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල ලෙස පහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඊයේ (12) පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකා
ශ කළේ මෙම බදු සංශෝධන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව, ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 දක්වා අඩු කර තිබේ.
එමෙන්ම, උම්බලකඩ කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 202ක බද්ද ද රුපියල් 10 දක්වා පහත දැමීමට පියවර ගෙන ඇත. මීට අමතරව, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්රෑමයකට අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා අඩු කර තිබේ.
අදාළ බදු සංශෝධන බලාත්මක කිරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
