ව්‍යාජ වීඩියෝ ඇමතුම්වලින් ඩොලර් මිලියන 400ක් කොල්ලකයි - උතුරු කොරියානු හැකර්වරුන්ගේ අලුත්ම මෙහෙයුම

Report

ව්‍යාජ වීඩියෝ ඇමතුම් භාවිත කරමින් පුද්ගල අනන්‍යතා සොරකම් කර ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධික ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීමට උතුරු කොරියාවට සම්බන්ධ හැකර් කණ්ඩායම් සමත්ව ඇති බව ඇමරිකානු බලධාරීන් අනාවරණය කර තිබේ.

පසුගිය මාස 18ක කාලය තුළ පුද්ගලයන් 900කට අධික පිරිසක් මෙම සයිබර් වංචාවට ගොදුරු වී ඇති බව ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සඳහන් කරයි.

FBI ආයතනය විසින් 'FaceStealer' ලෙස නම් කර ඇති මෙම සයිබර් වංචා ක්‍රමය හරහා උතුරු කොරියානු රාජ්‍ය අනුග්‍රහය ලබන හැකර්වරුන් මෙම මුදල් සොරකම් කර ඇති බව වාර්තා වේ.

FBI සයිබර් ආරක්ෂණ අධ්‍යක්ෂ බ්‍රෙට් ලෙදර්මන් පෙන්වා දෙන්නේ උතුරු කොරියානු පාලනය සිය නීතිවිරෝධී අවි වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමට මහා පරිමාණ ක්‍රිප්ටෝ මුදල් සොරකම් මත යැපෙන බවයි.

විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් සහ Web3 ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන් මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති බව ඇමරිකානු බලධාරීන් පවසයි.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග සංවර්ධනය සහ නඩත්තු කටයුතුවල නිරත පුද්ගලයන් ද ඒ අතර ප්‍රමුඛ වේ. මෙම වංචාව සිදුකිරීම සඳහා හැකර්වරුන් ව්‍යාජ හෝ වෙනත් පුද්ගලයන්ගේ පාලනයට නතු කරගත් සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන බව අනාවරණය වී තිබේ.

ඒ හරහා ඉලක්ක කරගත් පුද්ගලයන්ට වීඩියෝ ඇමතුම් සඳහා ආරාධනා කරන අතර, ඒවා Zoom, Microsoft Teams සහ Google Meet යන ජනප්‍රිය වීඩියෝ සන්නිවේදන යෙදුම්වලට සමාන ලෙස සකස් කළ ව්‍යාජ වේදිකා ඔස්සේ පවත්වාගෙන යනු ලබයි.

ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර දරුණු වාග් සංග්‍රාමයක්ද ඇතිවුණාද? - විදෙස් මාධ්‍ය හෙළිකරයි

ඉරාන යුද්ධය ගැන ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර දරුණු වාග් සංග්‍රාමයක්ද ඇතිවුණාද? - විදෙස් මාධ්‍ය හෙළිකරයි

එහිදී අදාළ පුද්ගලයා හඳුනන අයෙකුගේ කලින් පටිගත කළ වීඩියෝ දර්ශන යොදාගනිමින් සැබෑ වීඩියෝ ඇමතුමක් ලෙස පෙනී සිටින ආකාරයට කටයුතු කරන බව FBI ආයතනය අනාවරණය කර ඇත.

එම ඇමතුම් අතරතුර ශ්‍රව්‍ය පද්ධතියේ දෝෂයක් ඇති බව පෙන්වා දෙමින් එය නිවැරදි කරගැනීම සඳහා සබැඳියක් මත ක්ලික් කරන ලෙස පරිශීලකයාගෙන් ඉල්ලා සිටියි.

එම සබැඳිය හරහා පරිගණකයට අනිෂ්ට මෘදුකාංගයක් (Malware) ඇතුළු වන අතර, එමඟින් පරිශීලකයාගේ සම්බන්ධතා ලැයිස්තු සහ යෙදුම් වෙත ප්‍රවේශ වීමට හැකර්වරුන්ට හැකියාව ලැබෙන බව සඳහන් වේ.

ඒ අනුව තවත් පුද්ගලයන් පිරිසක් මෙම වංචාවට ගොදුරු කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ද හැකර්වරුන් විසින් ලබාගනු ලබයි.

තවද, මෙම ව්‍යාජ වීඩියෝ ඇමතුම් රහසිගතව පටිගත කරගන්නා හැකර්වරුන් පසුව එම දර්ශන යොදාගෙන නව පුද්ගලයන් රවටා ගැනීමට කටයුතු කරන බව ඇමරිකානු බලධාරීන් පවසයි.

FBI ආයතනය මෙම ක්‍රමය හඳුන්වා ඇත්තේ පරිගණක සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයන් පවා රැවටීමට සමත් ඉතා සාර්ථක සමාජ ඉංජිනේරුමය වංචාවක් ලෙසය.

මේ අතර, ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන Binance සමාගමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක වාර්තාගත ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීම සඳහා ව්‍යාජ රැකියා සම්මුඛ පරීක්ෂණ භාවිත කළ බවට වාර්තා වී සතියක් ගතවීමටත් පෙර මෙම අනාවරණය සිදුව තිබේ.

එම Binance සයිබර් ප්‍රහාරය ද උතුරු කොරියාවට සම්බන්ධ කණ්ඩායම් විසින් සිදුකර ඇති බවට ඇමරිකානු නීති බලාත්මක කිරීමේ ආයතන චෝදනා කර ඇති නමුත්, පියොංයැං පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මයික්‍රොසොෆ්ට් සමාගම කළඹමින් ගෝලීය ඇනහිටීමක් - රටවල් 74 ක පරිශීලකයින්ගේ මේ සේවා සියල්ල අක්‍රීය වෙයි

මයික්‍රොසොෆ්ට් සමාගම කළඹමින් ගෝලීය ඇනහිටීමක් - රටවල් 74 ක පරිශීලකයින්ගේ මේ සේවා සියල්ල අක්‍රීය වෙයි