මූල්‍ය ආයතන සම්බන්ධව මහ බැංකුවෙන් විශේෂ තීරණයක් ගනී..

Central Bank of Sri Lanka People's Bank Businessman Sri Lanka Banks
By Aruna Jun 15, 2024 08:15 AM GMT
Aruna

Aruna

Report

මෙරට ක‍්‍රියාත්මක බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන හා මුදල් පැවරීම් සපයන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්‌යෙන්ම ලබා ගත යුතු බවට නව නීතියක් මහ බැංකුව විසින් පනවා තිබෙනවා.

මෙම නීතිය ඉකුත් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාව රනින් සරසමින් නව වාර්තාවක් තබවයි..

ශ්‍රී ලංකාව රනින් සරසමින් නව වාර්තාවක් තබවයි..


ඇතැම් මූල්‍ය ආයතන හා ඒ හා සමාන සේවා සපයන ආයතන මුදල් පැවරීම් පද්ධතියට බාධා එල්ල විය හැකි අයුරින් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට බාධා වන අයුරින් කටයුතු කරන නිසා එය වැළැක්වීම සඳහා නව නීති ක්‍රියාත්මක බවයි, මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට ලියාපදිංචි මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස මහ බැංකුව කටයුතු කරයි.

IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..

IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..


ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අදාළ වෙනත් අධිකාරි ආයතන මගින් නියාමනය කරනු ලබන නමුත් ඇතැම් ආයතන නියාමනය නොවන හෙයින් මෙම පියවර ගත් බවයි.