විදේශ ගත සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ විනිමය ගැන මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්..

By krishani Dec 04, 2022 06:31 AM GMT
Report

විදේශ ගත සේවා නියුක්තිකයන් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එලෙස බදු පනවා ඇති බවට හා එම ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට හරවනු ඇතැයි පැතිර යන කටකථා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මහබැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මහබැංකු පවසන්නේ ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශිය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සිය අභිමතය පරිදි කළ හැකි බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join