සිමෙන්ති කොට්ටයක මිල තවත් ඉහළට
sri lanka
Cement
By Sithumi
සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,375 ක් දක්වා ඉහළ දමා තිබෙන බවයි පාරිභෝගිකයන් පැවසුවේ.
නමුත් රුපියල් 1,375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු වූ බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ.
පසුගියදා පාලන මිල ඉවත් කරන විට සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1,095 ක් ලෙස පැවතුණා.
