ජංගම දුරකථනයක් පෙර පාසල් දැරියට මරු කැඳවයි.
By Wayomi
ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගිය පුවතක් වාර්තා වෙනවා.
එලෙස මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර පාසල් දැරියක්.
ඇයගේ මෘතදේහය බේරුවල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකිරීමට නියමිතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පයාගල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
....................................................
May you Like