විනෝද චාරිකාව අවමඟුලක් කරමින් විදුලි සේවකයා මරුට

Report

කළුතර අලුත්ගම පොලිස් වසමට අයත් ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස පිහිටි වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී හදිසියේ පැමිණි සැඩ දිය රළකට හසුවී ගසාගෙන යාමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු අද 14 වැනිදා සවස් කාලයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි ප්‍රාදේශීය පොලිසිය පවසයි.

මෙසේ මුහුදේ දියේ ගිලීමෙන් ඉතා කනගාටුවෙන් යුතුව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහදෙනිය, නාපාවල, ගැටහැත්ත ලිපිනයේ ස්ථිරව පදිංචිව සිටි මොහොට්ටි ආරච්චිලාගේ සුගත් ජයසිංහ නැමැති වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි.

ඉරාන ජනාධිපතිගෙන් ඊශ්‍රායලයට කනේ පහරක් - ප්‍රහාර වැරදි ලෙස ගණනය කළ බව ප්‍රකාශයක්

ඉරාන ජනාධිපතිගෙන් ඊශ්‍රායලයට කනේ පහරක් - ප්‍රහාර වැරදි ලෙස ගණනය කළ බව ප්‍රකාශයක්

මියගිය පුද්ගලයා ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ධ පුහුණු කාර්මිකයෙකු ලෙස වෘත්තීය රාජකාරි කරනු ලැබූ අයෙක් බව ද  වාර්තා වෙයි.

මියගිය පුද්ගලයා තවත් තමන්ගේ හිතමිතුරන් පිරිසක් සමඟ විනෝදය සඳහා මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස නොසිතූ අයුරින් දරුණු දිය රළකට හසුවී මුහුද දෙසට ගසාගෙන ගොස් ඇති බවත්, පසුව ඔහු සමඟ පැමිණි අනෙක් පිරිස මේ පිළිබඳව වහාම කලබලයට පත්ව සොයා බැලීමේදී, මෙම පුද්ගලයාගේ සිරුර වෙරළ තීරය ආසන්නයේ මුහුදු දියේ පාවෙමින් තිබියදී සොයාගෙන මහත් පරිශ්‍රමයකින් වෙරළට රැගෙන විත් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

බුකියම කලඹමින් පියුමිට චන්දිමාල්ගෙන් පිස්සු හැදෙන තෑග්ගක් - පියුමි මුහුණු පොතට සටහනකුත් එක්කරයි

බුකියම කලඹමින් පියුමිට චන්දිමාල්ගෙන් පිස්සු හැදෙන තෑග්ගක් - පියුමි මුහුණු පොතට සටහනකුත් එක්කරයි

මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් මඟින් ඉදිරි වැඩිදුර නීතිමය විමර්ශන කටයුතු ඉතාමත් විධිමත්ව සිදු කරනු ලබයි.