ලෝක සාමය වෙනුවෙන් කටාර් සහයට එයි - අමෙරිකා ඉරානය යුද්ධය අවසානය දැකීමට විශේෂ මෙහෙයුමක්
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා වූ ගිවිසුම අවසන් කිරීමට සහය වීම සඳහා කටාර් සාකච්ඡාකරුවන් ඉරානයට පැමිණ ඇති බවට වාර්තා වේ.
එමෙන්ම කලාපීය තත්ත්වය පිළිබඳව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් සහ තුර්කියේ විදේශ අමාත්‍ය හකන් ෆිඩාන් දුරකථන සංවාදයක නිරතව ඇති අතර, සමාජ මාධ්‍ය සටහනක් තබමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ, එම දුරකථන සංවාදයේදී අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සිදුවෙමින් පවතින දිරිගන්වන සුලු ප්‍රගතිය අගය කළ බවයි.
අද (14) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, දෙරට අතර, පවතින සටන් අවසන් කිරීම වෙනුවෙන් වන ගිවිසුමක් අත්සන් කිරීම සිදුවන බවයි.
එම ගිවිසුම අදට යෙදෙන සිය 80 වන උපන්දිනයට පසුදින අත්සන් කිරීමට නියමිත බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අදාළ ගිවිසුම අත්සන් තැබීම පිළිබඳ අද දිනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති ධවල මන්දිර කාලසටහනේ නිල සඳහනක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.