හොර හරක් ලොරියට වෙඩිතබා, දෙදෙනෙක් කොටුකරගනී

Report

 මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයින් 14 දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩි තබා නතර කොට ලොරි රථය,ගවයින් සමග දෙදෙනෙක් බලපිටිය මහකරාවේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංක්‍රමික යතුරු පැදි ඒකකය සදහන් කර තිබේ.

එම ඒකකය සදහන් කරන්නේ පොලිස් අණ නොතකා ධාවනයවූ ගවයින් පටවා ගෙන යමින් තිබූ මේ ලොරි රථය කිලෝමීටර් දහයක් පමණ පසු පසු ලුහුබැද ගොස් වෙඩි කිහිපයක් තබා නවතාගෙන ගවයින් සහ සැකකරුවන් අත් අඩංගුවට ගත් බවයි.

පොලීසිය සදහන් කළේ ලොරි රථය අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගෙල කපා ඝාතනය කරන ලද එළ ගවයකුද එහි සිටි බවයි.

මෙලෙස අත් අඩංගුවට ගැනුනු ගවයින් අතර එළ ගවයින් දහයක් සහ මී ගවයින් හතරක් සිටි බවත් ඒ අතර එළ හා මී ගව පැටව් හතරක් ද සිටි බව වාර්තා වෙයි