"කොටින්ම එයා එයාගේ කැමරා ෆෝන් එකෙන් මාව ඇති හැටියට වීඩියෝ කළා... එයාගෙ වට්ස්ඇප් එකට මගේ වීඩියෝ එකක් ආවා" සුදු රෙද්දේ පිරිසුදුකම නිසා හෝටල් කාමරේ දිවි නසාගන්න හිත හදාගත් හදා ගත් සුරූපිණිය.
“"සංස්කෘතිකයි" කියන බොහෝමයක් දේවල් එක්ක ජීවිතේ එකම තැන පල් වෙන අපේම මිනිස්සු නිසා ජීවිතවලින් වන්දි ගෙවන, ජීවිතේ එපා කියලා ඈත දුවන මිනිසුන් බොහෝමයි. 'නවතින්න' කියා කිව්වත් නොනැවති දුවන ඒ මිනිස්සුන්ගෙන් එක්කෙනක් මේ.. ඇයට අපි ඉන්දිකා කියමු..... ඉන්දිකා කියපු ඇගේ කතාව ඇගේම විධියට කිව්වොත් මෙහෙමයි
. "මම මුලින්ම කොල්ලෙක් එක්ක යාලුවුණේ ඉස්කෝලේ කාලේ. එයාගේ නම මිහින්. මිහින් තමයි මුලින්ම මගේ පිරිසිදුකම නැති කළේ. ඒක වුණේ කවුරුත් නැති වෙලාවක එයාගේ ගෙදරදි. එදා එයා දහ අතේ දිවුරුවා මාව දාලා යන්නෙ නෑ කියලා. හැඟීම්වලට වහල් වෙලා කරපු වැඩේ බරපතල කම මට තේරුණේ නෑ. එයා දුන්න පෙත්ත බිව්වා වුණාට මගේ හිතේ දෙගෙඩියාවක් තිබ්බා.
පස්සෙ දිගින් දිගටම මිහින්ට ඒ දේ ඕනි වුණා. මොනා කරන්නද මම ආදරෙයිනේ. දුන්නා. එයාගේ අම්මයි තාත්තයි බිස්නස්වලට එළියට යනවා. ඒ හැමවෙලාවම මිනිහා මාව ගෙන්න ගත්තා. අපි ඇති තරම් සෙල්ලම් කළා. ඒ සෙල්ලම දුර දිග යන බවක් මට තේරුණේ නෑ... කොටින්ම එයා එයාගේ කැමරා ෆෝන් එකෙන් මාව ඇති හැටියට වීඩියෝ කළා. එක එක ඉරියව්වලින් තියලා හැඩ බැලුවා.."
"අන්තිමට මම දැනගත්තා මිහින් මේ විදිහට ගෙදරට එක්කන් එන එකම කෙල්ල මම විතරක් නෙවෙයි කියලා. මිනිහා සල්ලාලයෙක්. යාලුවෝ කිව්වත් මම විශ්වාස කළේ නෑ. එයා මත්තෙම නැහුණා. මට විශ්වාසයක් තිබ්බා, ඌ මාව බඳීවි කියලා. ඒත් ඌ මාව බැන්ඳේ නෑ. බෑ කිව්වා. හේතුව තමයි නොගැළපීම. මම දුප්පත් ඌ පෝසත්.
මම ඇහුවා. මා එක්ක බුදියන්න කලින්, මාව නැති කරන්න කලින් ඒක හිතන්න තිබ්බනේ. එතකොට මතක් උනේ නැල්ලු. ආදරේ නිසාලු එකට හිටියේ...." "ඒත් මම දන්නවා, ඒ ආදරේ නෙවෙයි. උගේ ශරීරයම පොරෝගත්තේ කාමය. කාමය තමයි ඒ්.. ඌට ඕනි වුණේ මාව ලෙවකන්න විතරයි. එතනින් එහා ආදරේ කියලා නාමයක්වත් නෑ. මම හිත හදාගත්තා. ඒත් මම මේ රහස කාටවත් කිව්වේ නෑ.
කසාද බඳින්න මට කෙනෙක් හොයනකොටත් මේ රහස එළියට නොදා ඉන්න මම හිතුවා. අම්මලා මට මනමාලයෙක් බැලුවා. තාත්තා බලම කළා. අන්තිමට මම බැන්ඳා. ඌ එක්ක කතා කළේ එක සැරයයි, දෙසැරයයි. මට ඕනි වුණා ඌට කියන්න. මං සතු දෙයක් දැන් නැත්තටම නෑ කියලා. ඒත් බැරිවුණා..." "අපේ හනිමූන් එක ආවා. කොළඹ ලොකු හෝටලෙක තිබුණේ. එදාට මට අඳින්න කියලා එයා දුහුල් නයිටියකුත් ගෙනාවා.
ඒත් මම එයා ළඟට ගියේ නෑ. ....මම බාත්රූම් එකට ගිහින් වරුවක් නානා හිටියා. එයා කතා කළත් ඇහුණේ නෑ වගේ හිටියා. දෙයියනේ...! එකපාරම එයා දොරට ගැහුවා. වේගෙන් ගැහුවා. මම ඒත් සද්ද නොකර වතුර මල කරකව කරකවා හිටියේ..."
"ඔහේගේ හෙලුවැලි සෙල්ලම මම දැක්කා. දැන් වරෙන්.. ඒ තමයි එයා කියපු වචන ටික.. එතකොටයි මට තේරුණේ, මිහින් මගේ වීඩියෝ එකක් ඌට එවලා. මම හෙලුවෙන් නටන එකක්. මම අඬ අඬා එළියට ආවා. වැඳලා සමාවගත්තා. ඊළඟට ඒ ලැජ්ජාවට මට කරන්න වුවමනා දෙයක් මතක් වුණේ නෑ. මහින් කොහොමද කසාදේ දැනගත්තෙ?
මගේ නොම්බරේ හොයාගත්තෙ? අනික මොකද්ද වුවමනාව ඌට තිබ්බ මාව විනාශ කරන්න ? ඒ කිසි දේකට උත්තර හොයන්නෙත් නැතුව මම දුවන් ගිහින් හෝටලේ උඩම තට්ටුවෙන් පහළට පනින්න හැදුවා. මාව අලුත බැඳපු මිනිහා දුවන් ඇවිත් මාව බදාගත්තා. ඇත්තමයි... එයා මාව භාරගත්තා. එයාට මගේ අතීතෙන් වැඩක් නෑ කිව්වා. එයත් අපිරිසිදු පිරිමියෙක් කිව්වා..."
"එදා රෑ අපි දෙන්නා ගොඩක් ආදරෙන් හිටියා. මිහින් එක්ක හිටියට වඩා වැඩි ආසාවෙන් එදා මම හිටියේ. අපි පහුවදාම ගිහින් මිහින්ට විරුද්ධව පොලිසිට පැමිණිලි කළා. මිහින්ව ඇරස්ට් කළා. එයා මට විතරක් නෙවෙයි ගොඩක් අයට මේ දේ කරනවා කියලා එයාගේ ෆෝන් එකෙන් පොලිසිය හොයාගත්තා...."
"මායි මහත්තයයි දැන් සතුටින් ජීවත් වෙනවා. අතීතේ ගැන එයා තියා මංවත් නිකමටවත් දැන් මතක් කරන් නෑ....ඒක අතීතයක්ම විතරයි.."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |