මධ්‍යම කඳුකරයට නොනවත්වා වහින වැස්සෙන් කාසල්රී ජලාශය පිටාර මට්ටමට
By Kanchana
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට තවදුරටත් විටින් විට ලැබෙන වැසි තත්වයන් මත කාසල්රී ජලාශයේ ජල මට්ටම මේ වන විට එහි පිටාර මට්ටමට ලඟා වෙමින් පවතී
මේ පිලිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ එම ජලාශය භාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට තව දුරටත් විටින් විට වැසි පවතින බවත් එම තත්වය මත කාසල්රී ජලාශයේ ජල මට්ටම මේ විට පිටාර මට්ටමට පැමිණ තිබෙන බව සදහන් වී තිබේ
ජලාශයේ ජලය උපරිම ලෙස ජල විදුලිය නිපදවිම සඳහා අදාළ ජල විදුලි බලාගාර වෙත මුදා හැරීමට පියවර ගෙන ඇත