ධනුෂ්ක ගුණතිලක කට වරද්දා ගත්තද? ඇත්ත කිව්වද? - ඔහුට එරෙහිව යළි නඩු.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව "කාන්තාවක් දූෂණය කිරීමේ" චෝදනාවට නඩු විභාගයක් පැවැත්වීමට නියමිතයි.
ඒ, තමාට එල්ලවී ඇති චෝදනාවලට වැරදිකරු නොවන බව ඔහු පැවසීම හේතුවෙන්.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සිඩ්නි නගරයේදී පොලිස් කණ්ඩායමක් විසින් ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගැනුණා..
ඔහු එරටට ගොස් සිටියේ 20/20 ලෝක ක්‍රිකට් ශූරතාවලියට සහභාගී වීම සඳහායි.
ඒ අතරතුරදී ජංගම දුරකථන මෙවලමක් හරහා හඳුනාගත් කාන්තාවක් ව ඇයගේ නිවසේදී දූෂණය කළ බවට ඔහුට එරෙහිව කළ පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රථමයෙන් ඔහුට එරෙහිව චෝදනා 4ක් ගොනුකර තිබු අතර පසුව ඉන් චෝදනා 3ක් ඉවත්කර ගැනීමට සිඩ්නි පොලීසිය කටයුතු කළ අතර අනෙක් චෝදනාවට "තමා වැරදිකරු නොවන බව" ඔහු පවසා ඇති අතර ඒ හේතුවෙන් ඊට අදාළ ව නඩු විභාගයක් පැවැත්වෙන බව ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී අද තීන්දු විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |