යෝෂිතගේ ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා ඒ නිසා මේ නඩුව පදනම් විරහිතයි - වසර 8 පසු නීතිඥවරයා කියයි

Report

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා ඇති යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන හෙයින් ඇයට විරුද්ධව අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාම පදනම් විරහිත බව ඇය සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද දින කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ අනුව එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරීය සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අඳාළ දැනුම්දීම සිදු කර ඇත.

ඒ අනුව අඳාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විත්තිකාර ඩේසි ෆොරස්ට් සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායිකාව ඩිමෙන්ෂියා සහ අල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත් එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වාගෙන යාම පදනම් විරහිත බවත් සඳහන් කළා.

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න

ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගත් ඇත්තම හේතුව මෙන්න

එසේම තම සේවා දායකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

එබැවින් වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය මත මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නැති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

මේ අතර 2017 වසරේ මාර්තු 17 වන දින ගංගොඩවිල දිසා අධිකරණයෙන්ද සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නොමැති නිසා ඇයගේ දේපල භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරා සඳහන් කළා.

මේ අතර අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර එම රෝගී තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නැති බවට වෛද්‍යවරු දැනුම් දී ඇති බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය මත සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම අවස්ථාවේදී පැමිණිල්ල සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය බව සඳහන් කළා.

ඒ අනුව විත්තිකාරිය වයස අවුරුදු 98 ක තැනැත්තියක් වන අතර ඇයට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පැමිණිල්ලට පිළිගත හැකි වුවත් දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

එනිසා ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණයට නැවත කරුණු සලකා බැලීමට හැකියාව ඇති බවත් මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් නැවත වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවශ්‍යදැයි සලකා බැලිය යුතු බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ සඳහා කාලය අවශ්‍ය බවත් සඳහන් කළා.

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

විපක්ෂයට හිට්ලර් වගේ.. IMF එකටනම් පූසා වගේ - නාමල් රාජපක්ෂ ජනපතිට දාපු කින්ඩිය

එහිදී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම වෛද්‍ය වාර්තාව වසර අටකින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ඇයි දැයි විමසා ඇත.

අඳාළ නඩුකරය මුලින් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර මෙවැනි වැදගත් ලේඛනයක් එම අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයිදැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකාරිය සඳහා නීතිඥ නියෝජනයක් තිබු නිසා අදාළ ලේඛනය එම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව මෙවැනි ලේඛනයක් මහේස්ත්‍රාත් අධිකරණයට විත්තිය ඉදිරිපත් කළේ දැයි අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විනිසුරුවරයා විමසූ අතර ඔවුන් එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බව සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා දෙවෙනි විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීමට මෙම නඩුව ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්