ලොවක් ආදරය කළ ඔහුත් යන්නම ගිහින්[PHOTOS]
නපුරු මායාකාර ෂැංග් සුන්ග්ගේ චරිතයට පණ පෙවූ ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන කැරී හිරොයුකි ටගාවා ජීවිතක්ෂයට පත්ව ඇත.
ජපානයේ උපත ලැබූ ටගාවා ඇමරිකානු සහ රුසියානු නළුවකු මෙන්ම නිෂ්පාදකයකු ද වේ.
මිය යන විට 75 හැවිරිදි වියේ පසුවු ඔහු විදෙස් වාර්තාවට අනුව, ටගාවා කැලිෆෝනියාවේ සැන්ටා බාර්බරා හිදී ඊයේ දින ජීවිතක්ෂයට පත්ව ඇත.
එසේම විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ඔහු ආඝාතයකින් ඇති වූ සංකූලතා හේතුවෙන් මිය ගිය බවයි. ටගාවා සිය දශක හතරක වෘත්තීය ජීවිතය පුරාවට චිත්‍රපට, රූපවාහිනී සහ වීඩියෝ ක්‍රීඩා ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන චරිතවලට පණ පොවා තිබෙනවා.
එසේම ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ Mortal Kombat හි ප්‍රධාන චිත්‍රපට බොහෝමයක ඔහු නිරූපණය කළ දුෂ්ට මායාකරු වන ෂැන්ග් ට්සුන්ග් වශයෙන්.
ඒ අනුව ඔහු ප්‍රථමයෙන් 1995 දී New Line Cinema චිත්‍රපට අනුවර්තනයේදී මෙම දුෂ්ටයාගේ චරිතයට පණ පෙවූ අතර, 1997 අනුප්‍රාප්තිකයට යළි පැමිණ ඇත.
එමෙන්ම ඔහු පසු කලෙක Mortal Kombat: Legacy (2013), Mortal Kombat X: Generations (2015), Mortal Kombat 11 (2019), සහ 2023 වසරේ ක්‍රීඩාව වන Mortal Kombat: Onslaught සඳහා ද එම භූමිකාව නැවත නිරූපණය කර තිබුණා.
‘ආසියානු-ඇමරිකානු ප්‍රජාවේ නිරපේක්ෂ පුරාවෘත්තයක්’ වශයෙන් ටගාවා හඳුන්වයි.


