මහගිරිදඹේත් නාය ‍යයි - ශ්‍රී පාදස්ථානයේ යන අයට අසුබ නිවේදනයක්

Report

ශ්‍රී පාදස්ථානයේ හැටන් පිවිසුම් මාර්ගයේ මහගිර දඹ ප්‍රදේශයේ භූ අස්ථාවරතාව පාලනය කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ලබාදී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු, අදාළ අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළයුතු බව එම සංවිධානය මඟින් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන විසින් අදාළ නිර්දේශ දිස්ත්‍රික් ලේකම්වරයාට පෙරේදා (04 වැනිදා) යොමුකර ඇත.

ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් පසුගිය 02 වැනිදා මූලික නිරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අස්ථාවරවීම් සිදුව ඇති කොටසේ පවතින පඩි පෙළේ හානියට පත් වී ඇති කොටස කොන්ක්‍රීට් හෝ ගල් බැම්මක් යොදා සකස් කළ යුතු බවත්, එහිදී එහි පාදම මව් පාෂාණයට ලකනක (Dowel) මඟින් සම්බන්ධ කළයුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් නිර්දේශ කර‍යි.

ශ්‍රී පාදස්ථානයට එන ජනතාවට විශේෂ නිවේදනයක්

ශ්‍රී පාදස්ථානයට එන ජනතාවට විශේෂ නිවේදනයක්

එමෙන්ම නායයෑම සිදුවූ කොටසට තවදුරටත් ජලය ගලායාම වැළැක්වීමට පඩිපෙළේ දෙපසට පිහිටි පැත්තේ පැති බැම්මක් අවම මිලිමීටර් 300ක් පමණ උසකට ඉදි කළ යුතු බවද නිර්දේශ වී ඇත. එසේම අස්ථාවර තත්ත්වයේ ඇති පාෂාණ කොටස්වල පවතින සියලු කුස්තුර සිමෙන්ති මිශ්‍රණයක් යොදා හොඳින් වසා දැමිය යුතු බවද නිර්දේශ කරයි.

ප්‍රවේශ මාර්ගය හරහා තවදුරටත් සුන්බුන් ගලායාම වැළැක්වීමට එහි පහළ කලාපයේ පිහිටි මාර්ග කොටසෙහි දකුණු පසට වන්නට මිලිමීටර් 500 ක් පමණ උසැති පැති බැම්මක් ඉදිකළ යුතු බවද එම නිර්දේශවලට ඇතුළත්.

එමෙන්ම නාය යාම ආරම්භ වූ කොටසේ පඩිපෙළට ඉහළින් වියනක් සේ රැඳී ඇති සියලු ශාක කොටස්, පඳුරු, පස් ප්‍රවේශමෙන් ඉවත් කළයුතු බවද එහි සඳහන්.

නාය යාම සිදුව ඇති කොටසේ දෙපසේ රැඳී පවතින අස්ථායි පඳුරුද ඉවත් කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කරයි.

එසේම මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ මෙම අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළ යුතු බවයි.

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - අද 1න් පසු දිවයිනටම

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - අද 1න් පසු දිවයිනටම

තවද එම ස්ථානය රාත්‍රි කාලයේදී ආලෝකමත්ව තබා ගැනීම සහ භූමියේ ඇතිවන වෙනස්කම් සම්බන්ධව අවධානය යොමු කිරීම අනිවාර්ය බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දක්වයි.

අඳාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිදි හැටන් පිවිසුම් මාර්ගය විවෘත කළ හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්කර ඇත.

අඳාළ නිර්දේශ ඇතුළත් ලිපියේ පිටපත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ටද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාටද, නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාටද, ආරක්ෂක ලේකම්වරයාටද, යුද හමුදාපතිවරයාටද, පොලිස්පතිවරයාටද, වන සංරක්ෂක ජනරාල්වරයාටද යොමුකර ඇති බව වාර්තා වේ.

මේ පාසල් 16 වැනිදාත් පටන් ගන්නේ නෑ - ප්‍රසන්න

මේ පාසල් 16 වැනිදාත් පටන් ගන්නේ නෑ - ප්‍රසන්න