ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ - දිට්වා වනසපු රටක් කළඹපු නිමේෂ්ගේ කඳුළු කථාව[PHOTOS]

Report

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ නොවූ විරූ ව්‍යසනයකට මෙවර මුහුණදුන් අතර, ඒ හේතුවෙන් ජීවිත රැසක් අහිමි වී තිබෙනවා.

එසේ අසරණ වූ මිනිසුන් අතර තම දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැපවුණු අයෙක් ලෙස නිමේෂ් නැමති තරුණයා හැඳින්විය හැක.

මේ දිනවල සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වන කම්පා සහගත පුවත් අතර නිමේෂ් වික්‍රමරත්න නම් මෙම තරුණයාද සිටී.

මාවනැල්ල අරණායක ප්‍රදේශයේ අම්බලන්කන්දේ ජීවත් වූ ඔහු වෘත්තියෙන් පිත්නාරු ශිල්පියෙක් විය.

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

මගේ සත්තු ටික වතුරේ ගියා උදේ වෙද්දී මාත් වතුරට පනින්න හිත හදාගත්තා

කුඩාවට ඇරඹි වෘත්තිය ගමන තුළ ඔහු ලොකු ගමනක් යමින් සිටි අතර ඔහුගේ එකම අරමුණ වූයේ තම දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් ඔවුන් ජීවත් වූ නිවස අලංකාරව ගොඩනගා ගැනීමයි. එසේම ඒ හීනයද ඔහු යථාර්ථයක් කර ගන්නට විය.

එහෙත් දිට්වා නිසා ඒ සියල්ල එක නිමේෂයෙන් සුණු විසුණු විය. තම මහන්සියෙන් ගොඩනැගූ නිවසේ අවසානයේ ඔහුට ඉතිරි වී තිබුණේ සෙල්ෆි ඡායාරූපයක් පමණි.

මේ වනවිටත් පාසලක ස්ථාපිත කර ඇති සුරක්ෂා මධ්‍යස්ථානයක රැඳී සිටින නිමේෂ් සිය වේදනාව නිවසේ එදා සහ අද තත්ත්වය ලෙස තම 'ෆේස්බුක්' ගිණුමේ පළ කර තිබුණේ රටම ඔහු වෙනුවෙන් කම්පා වන විටයි.

ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ - දිට්වා වනසපු රටක් කළඹපු නිමේෂ්ගේ කඳුළු කථාව | Nimesh S Loss Amid Dithwa Devastation

ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ - දිට්වා වනසපු රටක් කළඹපු නිමේෂ්ගේ කඳුළු කථාව | Nimesh S Loss Amid Dithwa Devastation

වාර්තා වූ ආකාරයට ආපදා තත්ත්වය පිළිබඳ සජීවී වැඩසටහනකදී ඔහුගෙන් කිය වූ එකම කථාව නම් "ගේ තිබ්බ තැනක්වත් නෑ. දැන් වැඩක් නෑ අයියේ " යනුවෙන්.

බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා - රටට විරුවෙක් අහිමි කළ ලුණුවිල ඛේදවාචකය ගැන ඇහෙන සංවේදී කතාව

බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා - රටට විරුවෙක් අහිමි කළ ලුණුවිල ඛේදවාචකය ගැන ඇහෙන සංවේදී කතාව

ආදරයෙන් ගොඩනැගූ නිවස නිමේෂ්ට අහිමි වුවද ඔහුගේ ලොකුම සම්පත වූ දෙමාපියන් ඔහු සමග සිටීම සැනසිල්ලකි. දිට්වා හැර ගියත් වූ විපත සුළු පටු නොවේ.

දහස් ගාණකගේ ජීවිත මෙන්ම හීනද නිමේශයකින් බිඳ දැමුවත් ඒ හීන සියල්ලම නැවත ගොඩනැගීමේ අදිටනින් යුතුව මේ වන විට ශ්‍රී ලංකාව නැවත නැඟිටින්න වෙර දරමින් සිටී.

වැටුණු තැනින් නැඟිටින්නට මේ වන විට විශාල හස්තයන් රැසක් අප වෙත දිගු වීම ව්‍යසනයක් මැද වුවත් අප ලද භාග්‍යයකි.

එබැවින් එක්ව නැඟිටින මේ ගමනේ සැවොම අදිටනින් යුතු විය බව පතමු.   

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

කරදර මැද ලංකාවට මුදල් කන්දක් - කවුද හිතුවේ මෙච්චර ගොඩක්

කරදර මැද ලංකාවට මුදල් කන්දක් - කවුද හිතුවේ මෙච්චර ගොඩක්