වඩු මඩුවේ අයිතිකාරයව මරන්න තුන් දෙනෙක් එකතු වෙලා කරපු අපරාදේ

Report

 පොලීසිය සඳහන් කරන පරිදි යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ අද (09) පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී වඩු මඩුවේ හිමිකරුට පහරදී ඝාතනය කෙරූ සිදුවීමක් වාර්තා වේ.

ඒ අනුව පුදගලයින් තිදෙනෙකු විසින් යකඩ පොල්ලකින් සහ බීර බෝතලයක් කඩා පහරදීම හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව කඳානේගෙදර පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මේ ආකාරයෙන් ඝාතනය කර ඇත්තේ සුභසිංහ දේවගේ අසංක දේශප්‍රිය සේනානායක නැමති 42 හැවිරිදි එක්දරු පියකු වන අතර ඔහුගේ බිරිඳ විදේශගතව ඇති බවද වාර්තා වේ.

පැරණි ආරවුලක් මත සැලසුම් සහගතව මෙම ඝාතනය සිදුවූවක්ද යන්න පිළිබඳව පොලිසිය සැක පහළ කරයි. ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 40, 45, සහ 46 හැවිරිදී මෙම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් ඉන් එක් අයෙකු විශ්‍රාමික හමුදා සෙබළකු බවද පොලිසිය පවසයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා විගමනික ප්‍රජාවට දැනුම්දීමක්

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා විගමනික ප්‍රජාවට දැනුම්දීමක්