මින් ඉදිරියට වාහන කොල්ලකන සීසර්ලාට නඩු දාන හැටි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Aug 07, 2023 06:48 AM GMT
Wayomi

Wayomi

Report

ලීසිං වාරික ගෙවීම් ප්‍රමාද වූ විට එම සමාගම් විසින් මෙහෙයවන සීසර්ලා විසින් බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගිය විට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු ආකාරය ගැන පොලිසිය නිවේදනයක් සිදු කර තිබෙනවා.

ඒ, අනුව පොලිසිය පවසන්නේ, කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බවයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ, වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ පසු ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම පොලිස් නිලධාරීන් ලබදෙනු ලබන්නේ එම ක්‍රියාවලියේ දී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහායි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කළේ ලීසිං සමාගම් තවමත් අසාධාරණ ලෙස වාරික අයකරන බවයි. 

ReeCha