කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික නායකයින් ජනපති හමුවෙයි

Report

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සමඟ විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතබමින් සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කතෝලික ආගමික නායකයින්ගේ ආශිර්වාදය පළ කර තිබේ.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

කතෝලික ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ඔවුන් මුහුණ දී සිටින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂය දිනුවොත් සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 5,000ක් - ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක මැතිවරණ පොරොන්දුවක්

රිපබ්ලිකන් පක්ෂය දිනුවොත් සෑම වැඩිහිටියෙකුටම ඩොලර් 5,000ක් - ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක මැතිවරණ පොරොන්දුවක්