පාස්කු වින්දිතයින් පිරිසක් සමඟ කාදිනල් හිමි රෝමයට යයි...
ශුද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද උදෑසන රෝමය බලා පිටත්ව ගියා.
කාදිනල් හිමිපාණන්ගේ මෙම විශේෂ රෝම සංචාරය සඳහා 2019 අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතව පත් වු පුද්ගලයින් 60 දෙනෙකු ගේ සමීප ඥාතීන් පිරිසක් ද එක්ව සිටිනවා.
2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදාවේ කොළඹ කතෝලික පල්ලි දෙකක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල උනා.
ඊට අමතරව මඩකලපුවේ සියොන් ක්‍රිස්තියානි දේවස්ථානයට ද මෙම ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයක් ඉලක්ක කෙරුණා.
ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාර හේතුවෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයින් පිරිස 223ක්.
ඊට අමතරව රටවල් 14 ක ට අයත් විදේශකයින් 46 දෙනෙකුටද මෙම ප්‍රහාරය හේතුවෙන් ජීවිතය අහිමි වුණා.
මෙලෙස මියගිය වැඩිම විදේශිකයින් පිරිසක් වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවෙන්. ප්‍රහාරය හමුවේ මිය ගිය ඉන්දීය ජාතිකයින් සංඛ්‍යාව එකොළොස් දෙනෙක්.
මීට අමතරව ඕලන්ද ජාතික බිලියනපතියෙකු වන අන්ඩ්‍රෙස් හොල්ෂ් ඔල්සන් (Anders Holch Povlsen) ගේ දරුවන් තිදෙනාට ද මෙම ප්‍රහාරය හේතුවෙන් අකාලයේ සිය දිවි ගමනෙන් සමුගන්නට සිදු වුණා ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 269 ක්.
ඊයේ දිනය වනවිට මෙම ප්‍රහාරය එල්ල කර අවුරුදු තුනක් ගත වුවද මේ වනතුරුත් මෙම ප්‍රහාරයට වගකිවයුතු හෝ සැලසුම් කල කිසිවකු හෝ හඳුනාගෙන නොමැති අතර කිසිවෙකුට චෝදනා එල්ල කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ වන විට බලයේ සිටි සහ ඉන්පසු බලයට පත් වූ කිසිදු රජයක් මෙතෙක් පියවර නොගැනීම ද විශේෂ සිදුවීමක්.
පසු බලයට පත් වූ කිසිදු රජයක් පියවර ගැනීම විශේෂ සිදුවීමක් මේ අතර පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට වසර තුනක් පිරීම නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා කතෝලික දේවස්ථානවල දේව මොහයන් පැවැත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |