ආයේ වාහනේ ඉස්සරහා නම් ගම් බෝඩ් ගහන්න බෑ - ඔක්කොම වීදුරු කළු කරන්නත් බෑ මෙන්න අලුත්ම නීති ටික
ශ්‍රී ලංකා පොලිසිය විසින් මෝටර් රථවල ඉදිරිපස වීදුරු මත ප්‍රදර්ශනය කරන නාම පුවරු සහ තනතුරු සම්බන්ධයෙන් වන නීතිය බලාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව මෙරට නීතිය අනුව තනතුරු නාමපුවරු ආදී වෙනත් දෑ මෝටර් රථයක ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.
එම නීතියට අනුව මෝටර් රථයක වීදුරුව කළු කිරීමට අවසර ඇත්තේ වීදුරුවෙන් පහෙන් එකක් පමණක් වන අතර එයත් සිදුකළ වීදුරුවේ ඉහළ කොටසින් පමණක් බවත් වීදුරුව මත ප්‍රදර්ශනය කළ හැක්කේ ආදායම් බලපත්‍රය සහ පෙර අංක තහඩුව සමඟ ලබා දුන් ස්ටිකරය පමණක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.