මෝටර් රථයක් ප්‍රපාතයකට යයි ! තිදෙනෙකුට තුවාල
By Hashan
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළි ගොස් තිබෙනවා.
අදාළ අනතුරින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
කොළඹ සිට නුවරඑලියේ සංචාරයක් සදහා එක්වූ පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා වටවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ .
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර තුවාල ලැබූවන් එකම පවුලේ ඥාතීන් බවයි සදහන් වන්නේ.
බස් රථයකට ඉඩ දීමට යෑමේදි මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 20ක් පමණ ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා.