කාගෙන් කියලා බාධාවක්ද ඉතින්.. ජාතික වනෝද්‍යානයක ජයටම කරගෙන ගිහින්..
By Piyumika
උඩවලව ජාතික වනෝද්‍යානයේ නීති විරෝධීව වගාකරන ලද ගංජා හේන් 03ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.
අක්කරයක පමණ භූමි ප්‍රදේශයක වගාකරන ලද මෙම ගංජා හේන් වැටලීම ඊයේ (23) දින සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
එහි දී නීති විරෝධීව වගාකර තිබූ ගංජා ගස් 14,105ක් පමණ අඩංගු ගංජා හේන් 03ක් ගිනි තබා විනාශ කිරීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ කදවුර අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක පී.ආර්.එස් නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.
You may like this video