ඇතුලත ගිනි නෑ...ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකියි...
By Piyumika
ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූයේ ඊයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ හැසිරීම් ගැන නිගමනයකට ආ හැක්කේ රටේ ජනතාවට බවයි.
සමගි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බව විපක්ෂනායකවරයා කියා සිටියා.
පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නොමැති බවත් මේ ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි බවට එකතු විය හැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
You may like this video