මෙරට ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කැනඩාවේදී වැඩ වරදී...ද්‍රෝහියා යැයි කියමින් ප්‍රකෝපකාරී වූ ජනතාව මන්ත්‍රීවරයාව එලවා දමයි (VIDEO)
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් ශානක්කියන් සහ එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් සහභාගී වූ කැනේඩියානු රැස්වීමකදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් කැනඩාවේ සංචාරයක නිරත විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන් ද එම්ඒ සුමන්තිරන් සමඟ කැනඩාවට යාමට නියමිතව තිබූ අතර එහිදී කැනඩාවේ දෙමළ සංවිධාන නියෝජිතයන් හමුවී විවිධ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක්‍යන් සහ එම් ඒ සුමන්තිරන් සහභාගි වූ රැස්වීමකදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. සුමන්තිරන්ට එරෙහිව සටන් පාඨ කියමින් කැනේඩියානු දෙමළ ජනතාව ‘සුමන්තිරන් දෙමළ ද්‍රෝහියෙක්’ යැයි කියමින් විරෝධතාවයේ නිරත වූහ.
මේ හේතුවෙන් එම ප්‍රදේශයට පොලිසිය කැඳවා සුමන්තිරන් සභාව මැදින් පිටව ගියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |