පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – මැතිවරණය අප්‍රේල්

By Shehan Mar 24, 2025 04:35 AM GMT
Report

 කැනඩාවේ නව අග්‍රාමාත්‍ය මාර්ක් කානී විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත.

ඒ අනුව, ඔහු නිවේදනය කළේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 28 වැනිදා පැවැත්වෙන බවයි.

පොල් වගාකරුවන්ට සුභ ආරංචියක්!

පොල් වගාකරුවන්ට සුභ ආරංචියක්!

මේ වන විට කැනඩාව එක්සත් ජනපදය සමඟ වෙළඳ ගැටුමකට මුහුණ දී සිටින අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම මත කැනඩාව ඇමරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ යෝජනාව මධ්‍යයේ මෙම මැතිවරණය පැවැත්වේ.

මේ හේතුවෙන්, මෙවර මහ මැතිවරණයේදී මෙම කරුණ කැනඩා ඡන්දදායකයින්ගේ ප්‍රධාන අවධානයට ලක්වන ගැටලුවක් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

පිටසක්වල ජීවීන් පෙන්නලා සංචාරකයන් ගෙන්වනවා..- නියෝජ්‍ය ඇමති කියයි

පිටසක්වල ජීවීන් පෙන්නලා සංචාරකයන් ගෙන්වනවා..- නියෝජ්‍ය ඇමති කියයි

මේ අතර, අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්තිවලින් ඇති වන බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම තම ඉලක්කය බවයි.

 හිටපු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වීමෙන් පසු පාලක පක්ෂයේ නායකත්වයට පත් මාර්ක් කානී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වී දින නවයකට පසු මෙම මහ මැතිවරණය කැඳවීම සුවිශේෂී සිදුවීමකි.