මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

Report

වතු ආශ්‍රිතව ගුරු නිවාස අත්‍යවශව පවතින, තෝරාගත් පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එබැවින් මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත්වල මෙම ගුරු නිවාස ඉදිකිරීමට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

අඳාළ පළාත්වල වතු ආශ්‍රිතව පාසල් 864ක් පිහිටුවා තිබෙන අතර එම පාසල්වලින් බහුතරයක් ප්‍රධාන නගරවලින් දුරස්ථව වතුකරයේ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටා ඇත.

ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවට සියලුම ලග්නවල අය වැය සමඟ පලාපල විස්තර මෙන්න

ලැබුවා වූ 2026 නව වසරේ අවුරුද්ද පුරාවට සියලුම ලග්නවල අය වැය සමඟ පලාපල විස්තර මෙන්න

එනිසා විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එම පාසල් සඳහා ප්‍රවේශවීමේ අපහසුතා මතුව ඇති අතර එම පාසල්වල ද්විතීයික පන්තිවල පවතින ගුරු හිඟය නිසා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි ජාතික විභාගවලදී එකී පාසල්වල සමස්ත කාර්යසාධනය අනෙකුත් රජයේ පාසල් හා සසඳන විට පහළ මට්ටමක පවතින බව දක්නට ලැබේ.

එබැවින් මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ විට තරුණ පරපුර නුපුහුණු ශ්‍රමිකයින් ලෙස සීමා වීමට හේතුවී ඇති නිසා වතු ආශ්‍රිත පාසල්වල මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බවට හඳුනාගෙන තිබෙනවා.

මේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දරුවන්ට මොකද වෙන්නේ

මේ පාසල් පිළිබඳව විශේෂ දැනුම්දීමක් - දරුවන්ට මොකද වෙන්නේ

එබැවින් ගුරු හිඟය අවම කරමින් එම පාසල්වල මානව සම්පත් ඉහළ නැංවීමට හැකි වන පරිදි ඉහත පළාත්වල තෝරාගත් ගුරු නිවාස ඉදිකිරීමට අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාව වෙනුවෙන් මෙසේ කැබිනට් අනුමැතිය හිමි විය.

වැඩි ගාස්තු නිසා ත්‍රීවිල්වලට වෙන්න යන දේ

වැඩි ගාස්තු නිසා ත්‍රීවිල්වලට වෙන්න යන දේ

මොඩියුල ගැන තවත් තිත්ත ඇත්තක් - පළමු වාරෙට අසභ්‍ය සබැඳි 41 එක්ක ගුරු පුහුණවකුත් - සුමංගල හිමි

මොඩියුල ගැන තවත් තිත්ත ඇත්තක් - පළමු වාරෙට අසභ්‍ය සබැඳි 41 එක්ක ගුරු පුහුණවකුත් - සුමංගල හිමි