පාසල් පෙළ පොත් මුද්‍රණයට කැබිනට් අනුමැතිය...

Report

2025 වසරේ සිට තෝරාගත් ශ්‍රේණි සඳහා පාසල් පෙළපොත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන්නේ, පෙළපොත් කාණ්ඩ 317න් කාණ්ඩ 71ක් මුද්‍රණය කිරීමට ය.

එමෙන් ම, එළඹෙන 2025 වසරේ බෙදා හැරීමට නියමිත ඉතිරි පාසල් පෙළ පොත් කාණ්ඩ 246 මුද්‍රණය කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබේ.

තව ද, අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 1, 6 සහ 10 ශ්‍රේණි සඳහා පෙළපොත් ආයතන 24කින් මුද්‍රණය කර ලබා ගැනීමට කළ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වේ.