මෝටර් රථ, දුම්වැටි ඇතුළු නිෂ්පාදන රැසක බද්ද වැඩි කිරීමට කැබ්නට් අනුමැතිය. - වැඩි වූ ප්‍රතිශතය මෙන්න.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නිවේදනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ඒ අනුව , මෝටර් රථ, දුම්වැටි, පැණිබීම සහ දුම්කොළ ඇතුළු රුපියල් වටිනාකමින් නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදන බද්දට යටත් සියලුම අයිතම් සඳහා වන නිෂ්පාදන බද්ද අද දින එනම් , 2025-01-11 දින සිට ක්‍රියාත්මක වන පරිදි 5.9%කින් වැඩි කර ඇත.
එම තීරණය බලාත්මක කරමින් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද නියමය 2025-01-10 දිනැති අංක 2418/43 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන්ම, 2025 -01-11 දින සිට බල පැවැත්වෙන පරිදි මත්පැන් සඳහා වන සුරා බද්ද 5.9%කින් වැඩි කර ඇති අතර, ඒ සඳහා (52 වන අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වන වගන්තිය යටතේ අංක 01/2025 දරන සුරාබදු නිවේදනය 2025-01-10 දිනැති අංක 2418/42 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)