PCR වාර්තාවක් රැගෙන ව්‍යාපාරිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

covid19 vaccination PCR Rajagiriya
By Sewvandhi Oct 06, 2021 02:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

PCR පරීක්ෂණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර තිබෙන පෞද්ගලික රෝහල්වලින් සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමිතිය පිළිබඳව ගැටලුසහගත තත්ත්වයක් මතුවී තිබෙන හෙයින් ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි එම අමාත්‍යංශයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ය.

පෙත්සම්කරු පවසන්නේ පසුගියදා තමන් ඩුබායි බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළට ගිය අවස්ථාවේ තමන්ට කොරෝනා වෛරසය ආසාදිත නොවන බවට තහවුරු කළ පෞද්ගලික රෝහලකින් ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ බවය.

එහෙත් විදේශගතවීමට ප්‍රථම කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත රසායනාගාරයේදී තමන්ව පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කෙරුණු අතර එම වාර්තාව මගින් තමා වෛරස ආසාදිතයෙකු බැවින් විදේශගතවීමට ඉඩ නුදුන් බව පෙත්සම්කරු පෙන්වා දී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now