ආසන පටි නීතියට බස් සංගම් වලින් බ්‍රේක් එකක්!

Report

බස්රථ රියදුරන් සඳහා ආරක්ෂිත ආසන පටි පැළදීම අනිවාර්ය කිරිමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පැරණි බස් රථවල ආසන පටි නොමැති බැවින් ඒවා සවි කර ගැනීමට කාලයක් අත්‍යාවශ්‍ය බවයි එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

තංගල්ල පරවි වැල්ල තවත් බිහිසුණු අනතුරක් - ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

ජාතික ගමනාගමන කොමිෂන සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙම තීරණය අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එම නීතිය ක්‍රියාත්මක විය යුතු වුවද ඊට මැදිහත් වීමට ජාතික ගමනාගමන කොමිසමට බලයක් නොමැති බවයි. 

අද ලග්න පලාපල – 2025 ජූනි 29 | ලග්නය කියන ඔබේ ජීවිතයේ ආලෝකයද අඳුරද? අදම බලන්න

අද ලග්න පලාපල – 2025 ජූනි 29 | ලග්නය කියන ඔබේ ජීවිතයේ ආලෝකයද අඳුරද? අදම බලන්න