ලොක්කෙක් ජනරාල් සේවයට - කැබිනට් අනුමැතිය මෙන්න
අමාත්‍ය මණ්ඩලය තීරණයකට අනුව එන්.කේ.යූ.රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීමට අනුමත කර ඇත.
මීට පෙර යි.ජී.ඥානතිලක මහතා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් සේවය කළද 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන ඇත.
ඉන් අනතුරුව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඊට අනුව එන්.කේ.යූ.රෝහණ මහතා පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා ලෙස පත් කර ඇත.