අනුමැතිය හිමිවූ වහාම බස් ගාස්තු ප්‍රකාශයට පත්කරනවා

Report

අද (23) දිනයේදී රට පුරා බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබුණු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මිලාන් මිරැන්ඩා මහතා පවසයි. ඔහු සඳහන් කළේ, යම් ප්‍රමාණයක බස් රථ ධාවනයේ යෙදුණු වුවද, ඇතැම් ප්‍රදේශවල බස් සේවාවන්හි අඩුවීමක් පැහැදිලිව දක්නට ලැබුණු බවයි.

විශේෂයෙන් අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, මගීන් සාමාන්‍ය මාර්ගවල ගමන් කිරීමට පෙළඹී ඇති බවත් ඔහු කීය.

අද බස් ධාවනයෙන් ඉවත් වීම සමඟ පාසල් සිසුන් ප්‍රවාහනය වෙනුවෙන් ඇති සිසු සැරිය ගැනත් දැනුම්දීමක්

අද බස් ධාවනයෙන් ඉවත් වීම සමඟ පාසල් සිසුන් ප්‍රවාහනය වෙනුවෙන් ඇති සිසු සැරිය ගැනත් දැනුම්දීමක්

අද දිනයේ ලංගම බස් රථ සියල්ලම ධාවනයේ යෙදෙන බවත්, පෞද්ගලික බස් රථවල ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන බවත් ආචාර්ය මිරැන්ඩා මහතා පැවසීය.

මෙය පසුගිය දිනයේ (22) පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වල වැඩවර්ජන තර්ජන හා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඇති වූ තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස සැලකේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කළ බස් ගාස්තු සංශෝධනය අද සවස අමාත්‍ය මණ්ඩලය හමුවට යොමු කරන බවත්, එයට අනුමැතිය හිමි වූ වහාම එය දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.

කොමිෂන් සභාව 10%කට වැඩි ප්‍රමාණයකින් බස් ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇති අතර, අවම ගාස්තුවේ සිට උපරිම ගාස්තුව දක්වා බස් ගාස්තු 350ක් සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

කැළණි ගඟේ මසුන් දහස් ගණනක් මිය යති

කැළණි ගඟේ මසුන් දහස් ගණනක් මිය යති

මෙම සංශෝධනය මෑතකදී සිදු වූ ඉන්ධන මිල ඉහළ යාම (විශේෂයෙන් ඩීසල් මිල රු. 79කින් වැඩිවීම) හේතුවෙන් බස් හිමියන්ගේ ඉල්ලීම්වලට අනුව සිදු කිරීමට නියමිතය.