දුර ගමන් බස් 200ක් හදිසියේ නවතා දමයි..ඉදිරියේදී බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක්?..
Sri Lanka
Bus service
Bus stop
By Aruna
රටේ ඇතිව තිබෙන ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 300ක් පමණ ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති සරත් විජිත කුමාර මහතා පෙන්වා දෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමන වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ ඇති බවත් ඉන් මේ වන විට ධාවනය වන්නේ 2000 ක පමණ ප්‍රමාණයක් බවත්ය.
දැනට ගමන් මාර අවලංගු කර ඇත්තේ එම 2000න් 300 ක බවද ඔහු පැවසීය.
මෙම තත්වය දිගටම පැවතුනහොත් බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී මගීන් දැඩි අසීරුතාවයට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල සාමාන්‍ය ඩීසල් නොමැති නිසා වැඩි මිලක් ගෙවා සුපර් ඩීසල් ලබා ගැනීමට සිදුව ඇති බවද හෙතෙම පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |