හෙට සිට කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලැබෙන්නෙ මෙහෙමයි.

Sri Lanka Narahenpita Bus service Government servant Private servant
By Aruna Oct 31, 2021 04:45 AM GMT
Aruna

Aruna

Report

නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට සඳහා නොවැම්බර් මස 01 වැනිදා සිට බස් මාර්ග හතක සාමාන්‍ය සහ සුඛෝපබෝගි විශේෂ බස් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

මෙම බස් සේවාව නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ සිට ගාලු පාර හරහා ගාල්ල, හයිලොවල් පාර හරහා රත්නපුර, අංක 5 පාර හරහා කුරුණෑගල, අංක 6 පාර හරහා කුරුණෑගල, මහනුවර පාර හරහා මහනුවර සහ පුත්තලම පාර හරහා හලාවත දක්වා ක්‍රියාත්මක වන බව ද ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

මේ අතර දුරගමන් සේවා දුම්රිය ලබන 05 වැනිදා සිට ධාවනය කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

හෙට (01) සිට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now