අද දවසේ පොදු ප්‍රවාහනය භාවිත කරන ඔයා මේ පිළිබද දැනුවත්ද ..

By Piyumika Sep 21, 2024 02:39 AM GMT
Report

අද (21) දිනයේ දී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සිදු වන බව පැවසේ.මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරනුයේ අද දිනයේ ලංගම බස් රථ 3300ක් ද ධාවනයට එක් කරන බවය.

රට පනින්න ආපු ඩෑන් ප්‍රියසාද්ට වැට ..

රට පනින්න ආපු ඩෑන් ප්‍රියසාද්ට වැට ..

කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ, ලංගම බස් රථ මැතිවරණ රාජකාරි සදහා යොදවා ඇති බැවින් අද දිනයේදී සාමාන්‍ය ගමන්වාර අඩුවිය හැකි බවයි.

ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද කියා සිටියේ අද දිනයේදී ධාවනය කළ හැක්කේ බස් රථ සියයට 30 ක පමණ ප්‍රමාණයක් බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පැවසීය.එහි සභාපති විසින්  උදෑසනම පැමිණ සිය ගමනාත්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවලෙන් ඉල්ලා සිටියි.