ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් හදිසියේම ගිනි ගනී.(PHOTOS)

Fire Accident Businessman
By Aruna Oct 10, 2024 04:47 AM GMT
Aruna

Aruna

Report

රත්නපුර - කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙන බව වාර්තා වනවා.

ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත්තේ අද උදෑසන 07.30ට පමණ ය.

කෙසේ වෙතත් එම අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවත්, ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව ද වාර්තා වේ.

GalleryGallery