සෞඛ්‍යාරක්ෂිතව ගියොත් බස් ගාස්තුව වැඩියෙන් අය කළ හැකියි (VIDEO)

covid19 private bus gamini lokuge quarantine rules bus fares
By Sewvandhi Jul 20, 2021 01:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය හේතු මත, නීතිවලට අනුගතව ධාවනය කරන බස් රථ සඳහා 20%ක මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අද (20) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට එම යෝජනා කැබිනට් මණ්ඩලය ද අනුමත කර ඇති බවත් ඒ අනුව ක්‍රියා කරගෙන යෑමට නියමිත බවත් ඔහු එහිදී කියා සිටියා.

තව ද පෞද්ගලික ප්‍රවාහන අංශය වෙත ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන බව තමා පිළිගන්නා බවත් පෞද්ගලික අංශය මහජනතාවට බරක් නොවන අයුරින් පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙලක් ඇති කිරීම සම්බන්ධව මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශය රජයත් සමග සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

“දැන් අපි කල්පනා කරලා තියෙනවා සෞඛ්‍ය හේතු මත ඒ අනුව දුවනකොට අපි ඒ නීතිරීතිවලට ධාවනය කරන බස් රථ 20%ක් වැඩිපුර අය කරන්න අවසර දීලා තියෙනවා. ඒක කැබිනට් මණ්ඩලයත් අනුමත කරලා තියෙනවා. ඒ අනුව ක්‍රියාකරගෙන යනවා. ඒ එක්ක ම පුද්ගලික අංශයට විවිධ පහසුකම් ලබාදීලා තියෙනවා. මං පිළිගන්නවා ඒක මදි ඒ අයට ඒක කරගෙන යන්න. රජයත් එක්ක අපේ අමාත්‍යංශය කතා කරගෙන යන්නේ කොහොම ද ඒකට වැඩපිළිවෙළක් හරිගස්සලා දෙන්නේ මහජන බරක් නොවන විදියට.”



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now