හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මඟින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) දිනයේ සිට ක්රියාත්මක කළ යුතු බව සඳහන් කර ඇත.
ඒ අනුව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රකාස්ශ කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්රතිපත්තියට අනුව මෙවර බස් ගාස්තුව සංශෝධනය විය යුතු ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ වන විටත් දැනුම් දී ඇති බවයි.
එසේ වුවත් බස් සංගම් චෝදනා කරන්නේ ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙතෙක් බස් සංගම් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවටයි.
එබැවින් මෙවර බස් ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවුණහොත් අධිකරණ ක්රියාමාර්ගවලට යොමුවන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පවසයි.
මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මඟින් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වන විටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.
ඒ අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය ක්රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව දන්වයි.