බස් ගාස්තු ඉහළ දැමීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Businessman Income Tax Department Private Bus Owners Association Srilanka Bus
By Aruna Dec 30, 2023 02:38 AM GMT
Aruna

Aruna

Report

හෙට (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව වාර්තා වනවා.

මේ අනුව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බවයි.

වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයට අනුව ඉන්ධන සඳහාද බදු පනවා තිබේ.

එහෙත් වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන සඳහා අය කළ සියයට 7.5ක බද්ද ඉවත් කිරීමත් සමග ඩීසල් පෙට්‍රල් හා ගෑස් සඳහා අය වන්නේ සියයට 10.5ක බද්දකි.

එමෙන්ම සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ, බස් ගාස්තු වැඩි කිරීමේ දී ඉන්ධන මිල පමණක් අදාළ කර නොගනිමින් සෙසු නිර්ණායක 11ද සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව බස් ගාස්තුව සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවෙනු ඇති බවයි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය බස්වලට අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල්, ටියුබ් ඇතුළු අමතර උපාංග සඳහා වන වියදම, බස් හිමියන් වාර්ෂිකව ගෙවන බලපත්‍ර ගාස්තු, සේවක වැටුප් සඳහා වන වියදම් ඇතුළු නිර්ණායක දොළහක් සැලකිල්ලට ගෙන සිදු කරන බවත් වැට් බදු ඉහළ නැංවීමෙන් අමතර උපාංග සඳහා අධික පිරිවැයක් දැරීමට බස් හිමියන්ට සිදුවන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළා.

මේ අනුව ඉන්ධන සඳහා වැඩි කිරීමට යන සියයට 10.5ට අමතරව සෙසු නිර්ණායක 11ද පදනම් කර ගනිමින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත්, එසේ නොවෙන්නේ නම් දිවයින පුරාම අඛණ්ඩ බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයා අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේ.

ReeCha