බස් ගාස්තු අඩු කිරීම ගැන ප්‍රවාහන ඇමතිගේ ස්ථාවරය
By Sithumi
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ, මිල සූත්‍රයකට අනුව ඉදිරියේදී බස් ගාස්තු අඩු කරන බවයි.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විනිමය අනුපාතය ස්ථාවර වීමත් සමග ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඉන්ධන සඳහා ගෙවිය යුතු පිරිවැය අඩුවන බවයි.
ඒ අනුව මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලැබෙන අතර ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන අවස්ථාවේදී මිල ගණන් වැඩිවීමක් සිදුවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |