මුළු මැදපෙරදිග කලාපයම අපායක් කරන්න සැරසෙයි - ඉරානයෙන් ලොවම බිය ගන්වමින් ට්‍රම්ප්ට තර්ජනයක්
By Kaushi
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවත් ඉරානය 'අපායක්' බවට පත් කරන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට ඉරානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස, ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකාවේ ආක්රමණකාරී ක්‍රියා තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම 'අපායක්' බවට පත් කරන බවටයි.
සියල්ල අවසන් වීමට තව ඇත්තේ පැය 48ක් පමණයි - ඉරානය මත සියලු නිරයන් රජ වන බවට ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක්
එසේම ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු බලපෑම් හමුවේ තමන් පසුබට නොවන බවත්, කලාපීය ස්ථාවරත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දෙන බවයි.