ඉදිරියේදී බස් ධාවනය සම්පූර්ණයෙන්ම නවතී..? නවතම තත්වය මෙන්න..

Srilanka
By Sithumi Mar 31, 2022 10:16 AM GMT
Sithumi

Sithumi

Report

ඩීසල් හිඟය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථවලින් සියයට 20 ක් පමණ ඊයේ (30) දිනයේ ධාවනයෙන් ඉවත්ව තිබූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය

ඩීසල් ගැටලුව ඇතිවීමට පෙර දෛනිකව අන්තර් පළාත් බස් රථ 950 ක් පමණ ධාවනය කළ බව කී එම නිලධාරියා ඊයේ එම බස් රථ සංඛ්‍යාව 750 ක් දක්වා අඩුවී තිබූ බව ද සඳහන් කළේය.

‘කොවිඩ්’ හේතුවෙන් රට වඩා තැබීමෙන් පසුව අන්තර් පළාත් බස් රථ 500 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් වූ බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල බස්වල අඩුවක් දැකිය හැකි වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now