ලංගම බසයේ රියදුරුව පැහැරගෙන ගොස් කළ දේ. - අවසානයේ ඔහු හමු වූ තැන මෙන්න. - (VIDEO)

Sri Lanka Police Missing Persons Child Abuse Crime Kidnapping
By Wayomi May 28, 2024 11:33 AM GMT
Wayomi

Wayomi

Report

බස් රථය නොනැවැත්වීම හේතුවෙන් උරණ වූ පුද්ගලයෙක්, තවත් තිදෙනෙක් සමඟ එක්ව ලංගම බස් රථ රියදුරෙක් පැහැරගෙන ගොස් පහර දීමේ පුවතක් වාර්තා වෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, බණ්ඩාරගම රයිගම සිට දෙහිවල හෙට්ටියාවත්ත දක්වා සෑම දිනකම ගමනාන්තයේ යෙදෙන , උඩහමුල්ල ඩිපෝවේ රියදුරෙක් වන 45 හැවිරිදි රසික පෙරේරායි.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

අදාල රියදුරු කොළඹ දක්වා බස් රථය ධාවනය කරමින් සිටි අතරතුර ගැලණිගම සහ විදාගම අතර බස් නැවතුමක රැඳී සිටි පුද්ගලයෙක් දින කිහිපයක් එම බසය නැවැත්වීමට උත්සාහ දරා තිබුණත් රියදුරු එම ස්ථානයේ බස් රථය නොනවත්වා ධාවනය කර තිබුනා.

ඒ , එම බස් රථය සීමිත නැවතුම් බස් රථයක් ලෙස ඩිපෝවෙන් හඳුන්වා දී තිබීම හේතුවෙන්.

දින කිහිපයක්ම බස් රථය නොනැවැත්වීම සම්බන්ධයෙන් උරණ වූ අදාළ පුද්ගලයා රියදුරුගේ ජංගම දුරකථනයට ඇමතුම් දී තර්ජනය කර ඇති අතර පසුව එම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙක් සමඟ පසුගිය 25 වැනිදා රාත්‍රීයේදී රියදුරුගේ නිවසට ගොස් ඇත.

අනතුරුව රියදුරුව නිවසින් පිටතට ගෙන ඔවුන් පැමිණි මෝටර් රථයේ නංවාගෙන කොතලාවල උයන්වත්ත වැව පාරට රැගෙන ගොස් කඩුවක් ගෙලට සිරකර පහරදී ඇති අතර රියදුරු එහි අතහැර දමා සැකකරුවන් මෝටර් රථයෙන් පළා ගොස් තිබෙනවා.

ඔහු ප්‍රතිකාර සඳහා බණ්ඩාරගම රෝහලට ඇතුළත් ක්ලාර ඇති අතර මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියට ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ පොලීසිය බණ්ඩාරගම විදාගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු කොළඹ සෞඛ්‍යය අධ්‍යක්ෂ කාර්යාලයේ රියදුරෙකු වශයෙන් සේවය කරන තැනැත්තෙක් වන අතර පහරදීම සඳහා ඔහුට සහාය දුන් ඔහුගේ සහෝදරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණු අතර එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.


............................................................

May you Like