පළාත් සීමා කඩාගෙන බස්රථයක් කොළඹට එයි..ආපු මඟීන්ට වෙච්ච දේ.
පළාත් අතර සංචරණ සීමා නීති උල්ලංඝනය කරමින් අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කැකිරාව මඩාටුගම යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයේ දීය.
උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මහතාට ලද තොරතුරක් මත ඒ මහතා කැකිරාව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් හා යුද හමුදා මාර්ග බාධක දී එම බස් රථය නවතා තිබේ.
පොලීසිය පරීක්ෂා කිරීමේදී එම බස් රථයද පළාත් අතර සංචාරණ සීමා යොදවා ඇති අවස්ථාවක ගමන් කිරීමට බලපත්‍රයක් නොමැති බව හඳුනාගෙන ඇත.
පසුව එහි ගමන් ගත් මගීන් එම ස්ථානයේ බස්සවා බස්රථය පොලිස් අත්අඩංගුවට ගෙන කැකිරාව පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ.
බස්රථයෙන් මගීන් බැස්සවීම හේතුවෙන් රැකියා සඳහා ගමන් කරමින් සිටි බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වු බව ද වාර්තා වේ.
මේ අතර, අද උදෑසන සිට ම දඹුල්ල නගරයේ පෞද්ගලික සහ ලංගම බස්රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබුණු අතර මගින්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
