වියට්නාමයේ බස් රථයක් ගිනි ගනී - 7 දෙනෙකු බස් රථය තුළම සිරවී මිය යයි
By Kanchana
දකුණු වියට්නාමයේ අද (21) අලුයම ධාවනය වෙමින් තිබූ බස් රථයක හදිසියේ ගින්නක් හටගෙන ඇත අනතුරෙන් බස් රථයේ ගමන් කළ මගීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම බස් රථය 'ලෑම් ඩොං' (Lam Dong) ප්‍රාන්තයේ සිට 'හෝ චි මිං' (Ho Chi Minh) නගරය බලා ධාවනය වෙමින් තිබූ ආසන 24ක බස් රථයක් බව සඳහන් වෙයි.
ගින්න ඉතා වේගයෙන් බස් රථය පුරා පැතිරී යාම නිසා, එහි සිටි මගීන් පිරිසක් බස් රථය තුළම සිරවී ඇති බව වියට්නාම පොලීසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
තවද අනතුරින් තවත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්නට හේතුව සෙවීම සඳහා පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.