මගීන් සමඟ බස් රථයක් පෙරලෙයි. - (PHOTOS)

Report

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ, පෞද්ගලික බසය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටි අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට එද්දි ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී මාර්ගයේ පස් ලිහිල්ව බසය අඩි කිපයක පල්ලමකට මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් ඇත.


GalleryGalleryGallery